බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

 බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

මෙම පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්,  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීමය.


අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය.  මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී  සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.


ගිරිහඩු සෑය

සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද  “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.



නැවත වරක් තවත් පින්බර පොහොය දිනයක තතු ඔබවෙත ගෙන එන අරමුණින් මෙම ලිපිය මා අවසන් කරමි. මෙම ලිපියෙහි කිසියම් තැනක වැරදි අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා දෙන මෙන් පාඨක ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවත් දේවල් දැනගන්න කියවන්න පිවිසෙන්න https://dutugemunu.wordpress.com/

උපුටා ගැනීමකි(https://dutugemunu.wordpress.com/)

0 comments:

Post a Comment