Wednesday, September 18, 2013

මැදිරිගිරිය වටදාගෙය


මැදිරිගිරිය වටදාගෙය






මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය කවරෙකුවිසින් නිමවුවාදැයි ස්ථිර නැත. ඒ පිලිබඳ වංශකතා වල තොරතුරු නොමැත. මේ ස්ථානයේ තිබී හමුවුණු බ්‍රාහ්ක්මිය අක්ෂර සහිත සෙල් ලිපිය අනුව ඉතාම ඉපැරණි පුජනිය ස්ථානයක් බව පැහැදිලිවේ. උපෝසථාගාරයක් යනු භික්ෂුන් වහන්සේලා විනය කර්ම කිරීම සදහා වූ ගොඩනැගිල්ලකි. ලෝවාමහාපායද උපෝසථාගාරයකි. මණ්ඩලගිරි විහාරයද කනිට්තිස්ස රජු (ක්‍රි.ව.164-193)විසින් උපෝසථාගාරයක් කර ඇත. මෙයින් පැහිදිලි වන්නේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සිටි බවයි.
ක්‍රි.ව.667-683 සිව්වැනි අග්බෝ රජු කල ඉතා ධනවත් මලයරාජ නම් අයෙකු මෙහි වූ චෛත්‍යය ට වටදාගෙයක්කරවා ඇත. මැදිරිගිරිය විහාරය ප්‍රකටව ඇත්තේද මේ ඓතිහාසික වටදාගෙය නිසාය. මහාවංශයේ සදහන් පරිදි පලමු වන සේන රජු ක්‍රි.ව.853-887 කල ගම්වරයක් හා ධන සම්පත් මෙයට පරිත්‍යාග කර ඇත. මේ විහාරය අසල ආරෝග්‍යශාලාවක් තිබී ඇත. එය අනුරධපුර යුගයේ පරිහානිය වන චෝල ආක්‍රමණයත් සමග විනාශ වී තිබේ.
පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජු ක්‍රි.ව.1055-1110 රාජ්‍යත්වයට පත්වීමෙන් පසු මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත. මහා පරාක්‍රමබාහු රජ දවස  ක්‍රි.ව.1155-1186 මේ ස්ථානය ඉතා බල බලසම්පන්න ස්ථානයක් බවට පැහැදිලි වන්නේ එකල ලක්දිව අසහාය පාලකයා ලෙස සිටි පරාක්‍රමබාහු රජතුමාට 2 වන ගජබා රජු සමග සටන් කිරීමට සිදුවූ අවස්ථාවේ එම සටන නැවැත්වීමට මැදිහත් වුයේ මෙම විහාරස්ථ භික්ෂුන් වීමයි. රජවරු අතර පැවති ගැටුම් පවා නැවැත්වීමට පවා බලසම්පන්න බලයක් මෙම විහාරයට තිබිණ.
කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ක්‍රි.ව.1187-1196 මණ්ඩලගිරි විහාරය වැඳපුදා ගත් බව සෙල් ලිපියක සදහන් වේ. පුජාවලියේ සදහන් වනුයේ මෙහි සර්වඥධාතු නිධන්ව පවතින බවකි. මෙහි දර්ශනීය ගොඩනැගිල්ල වන්නේ වටදාගෙයයි. එය බොහෝවිට පොළොන්නරු වටදාගෙයට සමනය. නමුත් මෙය    පොළොන්නරු වටදාගෙයට වඩා වෙනස් වන්නේ පිහිටි ගල් තලාවක අඩි 15 ක් උසින් පිහිටා තිබෙන බැවැනි. මෙනිසා අභිමානවත් ප්‍රෞඩත්වය  ඉහලින්ම කැපී පෙනේ. දොරටුව විශාල එකකි. එය ඇත්තේ උතුර පැත්තේය. මෙයට නගින පඩි පේලිය පියගැට 27 කින් යුක්තය. එහි පාමුල චාම් සඳකඩපහනකි. චෛත්‍ය මළුවට ඇතුළුවන තැන දර්ශනීය පුන්කලස් 2 කි.වටදාගෙය දොරටුව ඉදිරියේ හුණුගලින් නෙළු වජ්‍රාසනයක් මතවැඩ සිටින බුදු පිළිම 4 කි.එම බුදු පිළිමද හුණු ගලින් නිමවා ඇත. දැනට නොකැඩි ඇත්තේ 1 ක් පමණි. සතර දිශාවට මුහුණලා ඇති මේ බුදු පිළිමවලට අමතරව මැද තවත් කුඩා ප්‍රතිමාවක් තිබු ගලින් නෙළු වජ්‍රාසන ඇත. ඒ වාහි බෝධිසත්ව පිළිම තිබෙන්න ඇතැයි විශ්වාස කෙරේ.
වටදාගෙය තුල වූ  චෛත්‍යය කුඩා එකකි. පුරාවිද්‍යාඥන්ගේ මතය වන්නේ චෛත්‍යය නිමවා වසර 800 කට පමණ පසු වටදාගෙය කරවා ඇති බවය. චෛත්‍යය වටා අටපට්ටම් අකරයෙන්වූ ගල් කණු පේලි තුනකි. පලමු පේලියේ ගල් කණු 16 කි දෙවන පේලියේ 20 කි. තුන් වැනි පේලියේ 32 කි. තුන්වැනි පේලිය වටා උස් නොවූ ගඩොල් බිත්තියකි. වටදාගෙයි ගල් කණු 3 ක් හැර අන් සියල්ල ආරක්ෂිතව පවති. ඒවායේ ශිර්ෂ ඉතා අලංකාරය.මේ සැම අටපට්ටම් කණුවකම මුදුනේ කුඩිම්බියක් ඇත. කුඩුම්බිය ඇත්තේ කණු හිසේ යටි පැත්තේ ඇති සිදුර ගිල්ලවා සවි කිරීම සහාය. වටදාගෙයිහි ගඩොල් බිත්තිය පිටු පසින් ඇති ආවරණ බැම්මද ඉතා සිත් ගන්නාසුළුය. එහි පදනම(Foundation) නෙළුම් මල් පෙති දෙකේ රටාවකින් විචිර්තවත් කෙරේ. මැදිරිගිරියේ නටබුන් අතර වටදාගෙයට වයඹින් අඩි 50 ක දිගින් හා පළලින් අඩි 33 පිළිම ගෙයකි. එහි විශාල හුණුගල් පිළිම 5 කි. ඉන් 3 ක් හිදී පිළිම වේ. 2ක් හිඳී පිළිමය මේවා කාලයා ඇවෑමෙන් විවධ පිඩාවන්ට ගොදුරු වී අද වන විට නටබුන් පමණක් ඉතුරුව ඇත.

තව කියවන්න පිවිසෙන්න..http://viki.lk/madirigiriya-watadageya


0 comments:

Post a Comment