Wednesday, September 18, 2013

පොළොන්නරුව ගල් විහාරය

 පොළොන්නරුව ගල් විහාරය


මහා වංශයෙහි උත්තරාරාමය නමින් හැඳින්වෙන පොළොන්නරුව ගල් විහාරය මෙරට කලා ඉතිහාසයේ සහ සෙල් ලිපි ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිකරගන්නා පුරා විදඨාත්මක වටිනාකමක් සහිත තැනකි. මෙහි ඇති බුදු පිළිම සතර ගලින් නිමකර ඇති බැවින් මෙම ස්ථානය ගල් විහාරය යන නමින් හඳුන්වයි. මෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු වජ්‍රාසනයෙන් වැඩ සිටින ඔත් පිළිම දෙකකි. එමෙන්ම සැතපෙන පිළිමයක් හා හිටි පිළිමයක් ද දැකිය හැකිය.
ගල්විහාර පුදබිමට ඇතුළු වන විට මුලින් ම හමුවන්නේ ඉඳි පිළිමයකි. වීරාසන ක්‍රමයෙන් යුතුව වැඩ සිටින සමාධි බුදු පිළිමයකි. බුදු පිළිමය පිටුපස මකර තොරණකි. එහි ඇති විමානවල කුඩා ප්‍රමාණයේ බුදු පිළිම තැන්පත් කර ඇති අතර වැඩ සිටින ආසනයේ වජ්‍රයක සලකුණකි.  දෙපස සිංහ රූප ද යොදා ඇත. ක්‍රි.ව. 8 වන සියවසේ තාන්ත්‍රික බුදු දහමේ බලපෑම අනුව නිර්මාණය වී ඇතිබව සැලකේ.
දෙවැනි ප්‍රතිමාව පිහිටි ගලෙන්ම ගුහාවක්තුළ පිහිටා ඇති ලෙසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. විද්‍යාධර ගුහාව නමින් හැඳින්වෙන මෙම ගුහාවේ පිළිමයට ඉහලින් මහා බ්‍රහ්ම රූප හා විෂ්ණු රූප උන්නතව නෙලා ඇත. මෙම විද්‍යාධර ගුහාව බිතුසිතුවමින් අලංකාර කර තිබී ඇති බව එහි දැනට ශේෂවී ඇති සිතුවම් කොටස් වලින් පැහැදිලි වේ. පොළොන්නරු යුගයට අයත් මෙම බිතුසිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් වල කලා ලක‍ෂණ විදහා දක්වයි. දුඹුරු පැහැයට හුරු වර්ණ භාවිතාකර තිඛෙනු දැකිය හැකි අතර තිවංක පිළිමගෙයි බිතුසිතුවම් හා සමාන බවක් දක්වයි.
උත්තරාරාමය හෙවත් ගල් විහාරයෙහි තෙවැනියට නිර්මාණය කර ඇත්තේ සුවිශේෂී නිර්මාණයකි. දුර්ලභ ගණයේ මුද්‍රාවකින් හෙබි මෙම හිටි පිළිමය ති්‍රභංග ඉරියව්වෙන් යුක්ත වේ. දෙඅත පපුව මත බැඳ සිටින ඉරියව්වක් දැක්වෙන අතර —පරදුඃඛ දුඃඛිත ඉරියව්ව˜, —අනිමිසලෝචන පූජාව˜, —පරදුඃඛ විජාණන˜, —බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය˜ වැනි ලක‍ෂණ මෙම පිළිමයෙන් පිළිබිඹු වේ. මෙම හිටි පිළිමයෙන් ආනන්ද හිමියන් නිරූපණය වන්නේ යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් නළලෙහි ඇති ඌර්ණ රෝම කූපයත්, පියුමක් මත වැඩ සිටින නිසාත් මෙයින් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ ම බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි.
සිව්වැනිව ඇත්තේ සැතපෙන බුදු පිළිමයයි. දිගින් අඩි 46ක් වන මෙමගින් බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය වේ. ඉදිරියට නෙරා ඇති උදර ප්‍රදේශය හා අප්‍රාණිකව සිරුර දිගේ දිගහැර ඇති වමත, එකකට වඩා කෙටි වූ අනෙක් පාදයේ පතුල මෙම අදහස සනාථ කරයි.
පොළොන්නරු ගල්විහාර පිළිම වල දක්නට ඇති විශේෂ ලක‍ෂණයක් වන්නේ සිවුරේ රැළි දැක්වීම සඳහා සමාන්තර යුගල රේඛා යොදා තිබීමයි.
තව කියවන්න පිවිසෙන්න..

මැදිරිගිරිය වටදාගෙය


මැදිරිගිරිය වටදාගෙය






මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය කවරෙකුවිසින් නිමවුවාදැයි ස්ථිර නැත. ඒ පිලිබඳ වංශකතා වල තොරතුරු නොමැත. මේ ස්ථානයේ තිබී හමුවුණු බ්‍රාහ්ක්මිය අක්ෂර සහිත සෙල් ලිපිය අනුව ඉතාම ඉපැරණි පුජනිය ස්ථානයක් බව පැහැදිලිවේ. උපෝසථාගාරයක් යනු භික්ෂුන් වහන්සේලා විනය කර්ම කිරීම සදහා වූ ගොඩනැගිල්ලකි. ලෝවාමහාපායද උපෝසථාගාරයකි. මණ්ඩලගිරි විහාරයද කනිට්තිස්ස රජු (ක්‍රි.ව.164-193)විසින් උපෝසථාගාරයක් කර ඇත. මෙයින් පැහිදිලි වන්නේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සිටි බවයි.
ක්‍රි.ව.667-683 සිව්වැනි අග්බෝ රජු කල ඉතා ධනවත් මලයරාජ නම් අයෙකු මෙහි වූ චෛත්‍යය ට වටදාගෙයක්කරවා ඇත. මැදිරිගිරිය විහාරය ප්‍රකටව ඇත්තේද මේ ඓතිහාසික වටදාගෙය නිසාය. මහාවංශයේ සදහන් පරිදි පලමු වන සේන රජු ක්‍රි.ව.853-887 කල ගම්වරයක් හා ධන සම්පත් මෙයට පරිත්‍යාග කර ඇත. මේ විහාරය අසල ආරෝග්‍යශාලාවක් තිබී ඇත. එය අනුරධපුර යුගයේ පරිහානිය වන චෝල ආක්‍රමණයත් සමග විනාශ වී තිබේ.
පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජු ක්‍රි.ව.1055-1110 රාජ්‍යත්වයට පත්වීමෙන් පසු මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත. මහා පරාක්‍රමබාහු රජ දවස  ක්‍රි.ව.1155-1186 මේ ස්ථානය ඉතා බල බලසම්පන්න ස්ථානයක් බවට පැහැදිලි වන්නේ එකල ලක්දිව අසහාය පාලකයා ලෙස සිටි පරාක්‍රමබාහු රජතුමාට 2 වන ගජබා රජු සමග සටන් කිරීමට සිදුවූ අවස්ථාවේ එම සටන නැවැත්වීමට මැදිහත් වුයේ මෙම විහාරස්ථ භික්ෂුන් වීමයි. රජවරු අතර පැවති ගැටුම් පවා නැවැත්වීමට පවා බලසම්පන්න බලයක් මෙම විහාරයට තිබිණ.
කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ක්‍රි.ව.1187-1196 මණ්ඩලගිරි විහාරය වැඳපුදා ගත් බව සෙල් ලිපියක සදහන් වේ. පුජාවලියේ සදහන් වනුයේ මෙහි සර්වඥධාතු නිධන්ව පවතින බවකි. මෙහි දර්ශනීය ගොඩනැගිල්ල වන්නේ වටදාගෙයයි. එය බොහෝවිට පොළොන්නරු වටදාගෙයට සමනය. නමුත් මෙය    පොළොන්නරු වටදාගෙයට වඩා වෙනස් වන්නේ පිහිටි ගල් තලාවක අඩි 15 ක් උසින් පිහිටා තිබෙන බැවැනි. මෙනිසා අභිමානවත් ප්‍රෞඩත්වය  ඉහලින්ම කැපී පෙනේ. දොරටුව විශාල එකකි. එය ඇත්තේ උතුර පැත්තේය. මෙයට නගින පඩි පේලිය පියගැට 27 කින් යුක්තය. එහි පාමුල චාම් සඳකඩපහනකි. චෛත්‍ය මළුවට ඇතුළුවන තැන දර්ශනීය පුන්කලස් 2 කි.වටදාගෙය දොරටුව ඉදිරියේ හුණුගලින් නෙළු වජ්‍රාසනයක් මතවැඩ සිටින බුදු පිළිම 4 කි.එම බුදු පිළිමද හුණු ගලින් නිමවා ඇත. දැනට නොකැඩි ඇත්තේ 1 ක් පමණි. සතර දිශාවට මුහුණලා ඇති මේ බුදු පිළිමවලට අමතරව මැද තවත් කුඩා ප්‍රතිමාවක් තිබු ගලින් නෙළු වජ්‍රාසන ඇත. ඒ වාහි බෝධිසත්ව පිළිම තිබෙන්න ඇතැයි විශ්වාස කෙරේ.
වටදාගෙය තුල වූ  චෛත්‍යය කුඩා එකකි. පුරාවිද්‍යාඥන්ගේ මතය වන්නේ චෛත්‍යය නිමවා වසර 800 කට පමණ පසු වටදාගෙය කරවා ඇති බවය. චෛත්‍යය වටා අටපට්ටම් අකරයෙන්වූ ගල් කණු පේලි තුනකි. පලමු පේලියේ ගල් කණු 16 කි දෙවන පේලියේ 20 කි. තුන් වැනි පේලියේ 32 කි. තුන්වැනි පේලිය වටා උස් නොවූ ගඩොල් බිත්තියකි. වටදාගෙයි ගල් කණු 3 ක් හැර අන් සියල්ල ආරක්ෂිතව පවති. ඒවායේ ශිර්ෂ ඉතා අලංකාරය.මේ සැම අටපට්ටම් කණුවකම මුදුනේ කුඩිම්බියක් ඇත. කුඩුම්බිය ඇත්තේ කණු හිසේ යටි පැත්තේ ඇති සිදුර ගිල්ලවා සවි කිරීම සහාය. වටදාගෙයිහි ගඩොල් බිත්තිය පිටු පසින් ඇති ආවරණ බැම්මද ඉතා සිත් ගන්නාසුළුය. එහි පදනම(Foundation) නෙළුම් මල් පෙති දෙකේ රටාවකින් විචිර්තවත් කෙරේ. මැදිරිගිරියේ නටබුන් අතර වටදාගෙයට වයඹින් අඩි 50 ක දිගින් හා පළලින් අඩි 33 පිළිම ගෙයකි. එහි විශාල හුණුගල් පිළිම 5 කි. ඉන් 3 ක් හිදී පිළිම වේ. 2ක් හිඳී පිළිමය මේවා කාලයා ඇවෑමෙන් විවධ පිඩාවන්ට ගොදුරු වී අද වන විට නටබුන් පමණක් ඉතුරුව ඇත.

තව කියවන්න පිවිසෙන්න..http://viki.lk/madirigiriya-watadageya


Tuesday, September 17, 2013

අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?

අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?

වකුගඩු රෝගයෙන් ජන සමාජයට හා මිනිස්‌ ජීවිත වලට වන හානිය කොතරම් ද යත් එය පිළිබඳව ප්‍රාදේශීයව ද, ජාතිකව ද, ජාත්‍යන්තරයේ ද කථා බහට සහ පර්යේෂණයට ලක්‌වෙමින් තිබේ. මේ වනවිට වකුගඩු රෝගය මිනිසා මෙන් ම ආර්ථීකය ද විනාශ කරනා මහා වසංගතයක්‌ බවට පත්ව ඇත.

වකුගඩු රෝගය අප ආහාරයට ගන්නා ආහාර හෝ ජලයෙහි ඇති යම් අන්තර්ගතයක්‌ හේතුවෙන් වැළෙ`දන බවට බොහෝ පර්යේෂකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණේය. එහෙත් ජලයෙහි හෝ පසෙහි ඇති කිනම් රසායනයක්‌ හේතුවෙන් සෘජුවම වකුගඩු අකර්මණ්‍ය වේ දැයි තවමත් නිශ්චිතව සොයාගෙන නොමැත. වකුගඩු රෝගය පිළිබ`ද විවිධ මත හා පර්යේෂණ ප්‍රතිඵල නිකුත්වන අවධියක අප විසින් මේ කියන්නේ වකුගඩු රෝගය ගැන වෙනත් කතාවකි. එනම් මේ හදිසියේ වකුගඩු රෝගය පහළ වූවා නොව, එය දැනට අවුරුදු සිය ගණනක සිට රජරට මිනිස්‌සු බිලි ගනිමින් සිටින බවයි. මේ ඒ කතාවය.
ඒ කතාව කියවන්න පහත ලින්කුවට සම්බන්ධ වන්න.

http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html

උපුටා ගැනීමකි.

Monday, June 3, 2013

sim 1 ගැන අපි නොදන්නා දේවල්...



                                          Dialog
 * සිම් එක කාගෙද - #132#
 * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# 
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
 *සම්බන්දතාවය ගැන විස්තර #678#
 *ණයක් ගන්න - #356#
 *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
 *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න 
 *Star Points බලාගන්න - #141# *Call Waiting Activate කරන්න - *#43#
 *Missed call Alert Active කරගන්න - **62*0777012012#
 *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI50 පැය 4 -WIFI100 පැය 12 - WIFI200 පැය 20 WIFI400 පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න 


Mobitel
 * සිම් එක ගැන විස්තර - #132#
 * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය# 
 * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# 
 * ණයක් ගැනීමට - #247# * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල# 
 * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
 * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
 * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක ) 

 Hutch
 * සිම් එක ගැන විස්තර #132#
 * ගිණුමේ ශේෂය *344# 
 * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# 
 * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න 
 * Sms Free Hutch to Hutch පැකේජය *222# 



 Etisalat * සිම් එකේ විස්තර දැනගැනීමට #132# *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134# *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න *Call A tune සදහා *359 අමතන්න *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න *mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න * Etisalat Service - #111# Air Tel * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555# * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්# * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න පසුගෙවුම් සබදතා සදහා * Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4#