Wednesday, September 18, 2013

පොළොන්නරුව ගල් විහාරය

 පොළොන්නරුව ගල් විහාරය


මහා වංශයෙහි උත්තරාරාමය නමින් හැඳින්වෙන පොළොන්නරුව ගල් විහාරය මෙරට කලා ඉතිහාසයේ සහ සෙල් ලිපි ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිකරගන්නා පුරා විදඨාත්මක වටිනාකමක් සහිත තැනකි. මෙහි ඇති බුදු පිළිම සතර ගලින් නිමකර ඇති බැවින් මෙම ස්ථානය ගල් විහාරය යන නමින් හඳුන්වයි. මෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු වජ්‍රාසනයෙන් වැඩ සිටින ඔත් පිළිම දෙකකි. එමෙන්ම සැතපෙන පිළිමයක් හා හිටි පිළිමයක් ද දැකිය හැකිය.
ගල්විහාර පුදබිමට ඇතුළු වන විට මුලින් ම හමුවන්නේ ඉඳි පිළිමයකි. වීරාසන ක්‍රමයෙන් යුතුව වැඩ සිටින සමාධි බුදු පිළිමයකි. බුදු පිළිමය පිටුපස මකර තොරණකි. එහි ඇති විමානවල කුඩා ප්‍රමාණයේ බුදු පිළිම තැන්පත් කර ඇති අතර වැඩ සිටින ආසනයේ වජ්‍රයක සලකුණකි.  දෙපස සිංහ රූප ද යොදා ඇත. ක්‍රි.ව. 8 වන සියවසේ තාන්ත්‍රික බුදු දහමේ බලපෑම අනුව නිර්මාණය වී ඇතිබව සැලකේ.
දෙවැනි ප්‍රතිමාව පිහිටි ගලෙන්ම ගුහාවක්තුළ පිහිටා ඇති ලෙසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. විද්‍යාධර ගුහාව නමින් හැඳින්වෙන මෙම ගුහාවේ පිළිමයට ඉහලින් මහා බ්‍රහ්ම රූප හා විෂ්ණු රූප උන්නතව නෙලා ඇත. මෙම විද්‍යාධර ගුහාව බිතුසිතුවමින් අලංකාර කර තිබී ඇති බව එහි දැනට ශේෂවී ඇති සිතුවම් කොටස් වලින් පැහැදිලි වේ. පොළොන්නරු යුගයට අයත් මෙම බිතුසිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් වල කලා ලක‍ෂණ විදහා දක්වයි. දුඹුරු පැහැයට හුරු වර්ණ භාවිතාකර තිඛෙනු දැකිය හැකි අතර තිවංක පිළිමගෙයි බිතුසිතුවම් හා සමාන බවක් දක්වයි.
උත්තරාරාමය හෙවත් ගල් විහාරයෙහි තෙවැනියට නිර්මාණය කර ඇත්තේ සුවිශේෂී නිර්මාණයකි. දුර්ලභ ගණයේ මුද්‍රාවකින් හෙබි මෙම හිටි පිළිමය ති්‍රභංග ඉරියව්වෙන් යුක්ත වේ. දෙඅත පපුව මත බැඳ සිටින ඉරියව්වක් දැක්වෙන අතර —පරදුඃඛ දුඃඛිත ඉරියව්ව˜, —අනිමිසලෝචන පූජාව˜, —පරදුඃඛ විජාණන˜, —බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය˜ වැනි ලක‍ෂණ මෙම පිළිමයෙන් පිළිබිඹු වේ. මෙම හිටි පිළිමයෙන් ආනන්ද හිමියන් නිරූපණය වන්නේ යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් නළලෙහි ඇති ඌර්ණ රෝම කූපයත්, පියුමක් මත වැඩ සිටින නිසාත් මෙයින් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ ම බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි.
සිව්වැනිව ඇත්තේ සැතපෙන බුදු පිළිමයයි. දිගින් අඩි 46ක් වන මෙමගින් බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය වේ. ඉදිරියට නෙරා ඇති උදර ප්‍රදේශය හා අප්‍රාණිකව සිරුර දිගේ දිගහැර ඇති වමත, එකකට වඩා කෙටි වූ අනෙක් පාදයේ පතුල මෙම අදහස සනාථ කරයි.
පොළොන්නරු ගල්විහාර පිළිම වල දක්නට ඇති විශේෂ ලක‍ෂණයක් වන්නේ සිවුරේ රැළි දැක්වීම සඳහා සමාන්තර යුගල රේඛා යොදා තිබීමයි.
තව කියවන්න පිවිසෙන්න..

0 comments:

Post a Comment